නැගිටින බැබලෙන්න
     අපේ ආලෝකය පැමිනුනේ
     ස්වාමින්ගේ තේජස
     අප කෙරෙහි උදාවුනේ //

මුලු පොලවත්... මුලු ජනයොත්
තද අන්ධකාරයෙන් වසනු ලබන්නෝ
එනමුත් ස්වාමින්ගේ ආලෝකේ -
අප කෙරෙහි උදාවුනේ - //

     නැගිටින බැබලෙන්න...

රජවරුන් හා... මුලු ජාතීන්
ඔබේ දීප්තිය වෙත හැරී එන්නෝ
ඔව්නොවුන් සියල්ලෝ එක් රැස්වී -
ඔබ කෙරෙහි ලඟාවුනේ - //

     නැගිටින බැබලෙන්න...