නැගිට්ටේය සමිඳුන්
කියව් දෙව් සෙත් ලෝසතුන්
ජය ගෝසාවන් කරව්
සගත් පොළොවත් කියව් හලේලූයියා !

නිමයි මිදුම් වැඩය
ගති සටනෙන් ජය
අඳුරක් ඉතින් නැත
ලේ පිදීමකුත් නැත හලේලූයියා !

මරු පැරදුණේය
ක්‍රිස්තුස් ජය ගතිය
එතුම සොඳ ලෙසේ
ඇරියයි පාරාදීසේ හලේලූයියා !

අහෝ දැන් මරණය
තා ජය කිය කොයිද
මරණයේ කටුවත්
කියව කොහේද යත් හලේලූයියා !

අප හිමි ලෙසින්ම
අපිත් නැගිටිමින්ම
එතුම ගිය ලෙසේ
යමු සගය දෙසේ හලේලූයියා !

සග පොළෝ හිමිට
තුති දෙව් නැගිට්ටාට
වඳිමු එක්වී සැම
ජයට පත් නිසාම හලේලූයියා !