නැත කිසි නමක්, ඒ නාමය සම වන්නේ
     උතුම් යේසුස් නාමේ, අපි ඔසවන්නේ //

ගැලවීම ඒ නාමේ (ගැලවීම ඒ නාමේ)
මිදුම්කරුගේ නාමේ (මිදුම්කරුගේ නාමේ)
මහිමවත් නාමේ
යේසුස් ඒ නාමේ
සුවය ඒ නාමේ (සුවය ඒ නාමේ)
යකු බල බිඳලන නාමේ (යකු බල බිඳලන නාමේ)
බලවත් වූ නාමේ
යේසුස් ඒ නාමේ

     නැත කිසි නමක්...

සැම දණ නමනා නාමේ (සැම දණ නමනා නාමේ)
සැම දිව් ගයනා නාමේ (සැම දිව් ගයනා නාමේ)
රජිඳුන්ගේ නාමේ
යේසුස් ඒ නාමේ
ජීවනයයි ඒ නාමේ (ජීවනයයි ඒ නාමේ)
ජය ගෙන දේ ඒ නාමේ (ජය ගෙන දේ ඒ නාමේ)
දෙව් පුතු තුම්ගේ නාමේ
යේසුස් ඒ නාමේ

     නැත කිසි නමක්...

පසසමු ඒ නාමේ (පසසමු ඒ නාමේ)
ඔසවමු ඒ නාමේ (ඔසවමු ඒ නාමේ)
උත්කෘෂ්ඨ නාමේ
යේසුස් ඒ නාමේ
ගයනෙමු ඒ නාමේ (ගයනෙමු ඒ නාමේ)
නමදිමු ඒ නාමේ (නමදිමු ඒ නාමේ)
ආරම්භය අවසානේ
යේසුස් ඒ නාමේ

     නැත කිසි නමක්...








ගායනය: ශෙහාන් දේවප්‍රිය