නව දවසක් ආ - පුබුදුව සමඟා
තුති දෙමු දෙව් තුමටා
සුවදෙන ගඟ අප හද මැදිනා
හඬ නගමින ගලනා

සමිඳුනි වෙනු සරණා
අප හට දෙනු කරුණා
පිරිසිදු දිවි ගෙවනා මෙනා
සමගින කිතු සුරනා
කිතු අපේ ජයමය
තොස වඩනා //

නව දවසක් ආ - අප සිත රැඳුනා
ඔබ තුළ මුළුමනිනා
සැඟවුනු දිවි ගෙවමුව නිතිනා
කිතු හිමි ඔසවමිනා

නව දවසක් ආ - කිතුපෙම සමඟා
පෙම අප වෙත මෙදිනා
යමු අපි වඳිනට රජිඳු මහා
මුතු දොරටුවෙන එහා