නිසංසල ලොවේ
     දෙවිඳු මුණ ගැසේ //

එහා මෙහා කඩිමුඩියේ
දුවන ලොව තුළේ
මහඬ නගා වෙඩි අවුලා
සටන් වැදි ලොවේ
දෙව්ඳු හමු නොවේ
දෙවි පියේ ඔබෙ ලොවේ
ඇයිද චංචලේ
මිහිතලේ කලබලේ
ඇයිද ඇතිකළේ
'නිසලවන්න මා දෙවි බව -
දැනගන්නය' පැවසුවේ - //

     නිසංසල ලොවේ
     දෙවිඳු මුණ ගැසේ //

එදා මහා කුණාටුවේ
ඔබව සෙව් වෙලේ
බිම සෙලවී ගිණි ඇවිලී
තිබුණු ඒ වෙලේ
ඔබ හමු නොවූයේ
දෙවිපියේ අද ලොවේ
පැනය එයම වේ
මිහිතලේ වියවුලේ
ඔබව හමු නොවේ
නිසංසලය අතරතුරදි -
සියුම් හඬක් අපටැසේ - //

     නිසංසල ලොවේ
     දෙවිඳු මුණ ගැසේ //