ඔබ මාගේ ජීවනයයි සැමදා
යේසුනී, යේසුනී...
ඔබ මාගේ ප්‍රේමයයි සැමදා
යේසුනී, යේසුනී... //

ඔබ උසස් කරනෙමි මා සැම කල් දෙවිඳේ
ඔබ නමදින්නෙමි මා සැම කල් දෙවිඳේ
ඔබ යහපත් දේ මට කළා
එය සිහිවන විට සැම මොහොතේදී
මුළු හදවතින් මගේ සමිඳේ
තුති පුදන්නෙමි සැමදා

ඔබ මාගේ සැනසුමයි සැමදා
යේසුනී, යේසුනී...
ඔබ මාගේ ප්‍රීතියයි සැමදා
යේසුනී, යේසුනී... //






ගායනය: දේව දරුවෙකු වන ගුලවිටගේ නිශාන්ත