ඔබ සිරුරින් ගලනා
රුධිර ගංඟාවෙන්
මා පව් සෝදන්න
මා පව් සෝදන්න

කටු ඔටුණු දැරුවේ යේසුනී
කටු ඔටුණු දැරුවේ
මගේ පාපය හින්දයි ඔබ
කටු ඔටුණු දැරුවේ

ඇණ පහර ලැබුවේ යේසුනී
ඇණ පහර ලැබුවේ
මගේ පාපය හින්දයි ඔබ
ඇණ පහර ලැබුවේ

කස පහර ලැබුවේ යේසුනි
කස පහර ලැබුවේ
මගේ පාපය හින්දයි ඔබ
කස පහර ලැබුවේ