ඔබ වැනි වෙන කවුරු සිටීදෝ මා සමිඳේ
මා වෙනුවෙන් දිවියම දෙන්නේ වෙන කවුදෝ
පාපයෙ මිලය ගෙවන්නට
මරණින් මා ගලවන්නට
මා තුළ හුස්ම තබන්නට
කාට හැකිදෝ

මා ඔබේ වචනය අදහමි
මා ඔබේ නාමය අදහමි
මා ඔබේ ප්‍රේමය සමරමි
මගෙ මුළු දිවියම පුද දෙමි

මා හට ඔබ ගැන විශ්වාසයි
ඔබ කිසිකලෙකත් තනි නොකරයි
මා දැන් ඔබ වෙත දිව එමි
මගෙ මුළු සිතින්ම කැප වෙමි

ඔබ වැනි වෙන කවුරු සිටීදෝ මා සමිඳේ...

මා ඔබේ වචනය අදහමි...

මගෙ මුළු දිවියෙන් පෙම් කරමි
මා සතු සැමදේ පුද දෙමි
මා නැවතත් පව් නොකරමි
මා ඔබ වෙනුවෙන් දිවි ගෙවමි

මා ඔබේ වචනය අදහමි...

මා හට ඔබ ගැන විශ්වාසයි...