ඔබගේ විශ්වාස කම
     උදයෙන් උදය
     අලුත්ව මා වෙත එන්නේ
     සැම දවසක් මා, දෙවිඳුනි ඔබ
     මුළුම සිතින් නමදින්නේ //

අළුයම ඔබ සොයලා
ඔබගේ හඬ අසලා //
දෙව් බලයෙන් මා ඔබ පුරවලා
ඔබගේ මුහුණ දකින්නට

     ඔබගේ විශ්වාස කම උදයෙන් උදය

දයාව මට ලැබුනේ
හස්තය මා රැගෙන ගියේ //
ඔබ සෙවනේ මා රැඳෙන්නෙමි
මා දිවි තිබෙන තුරා

     ඔබගේ විශ්වාස කම උදයෙන් උදය






ගායනය: දේව දරුවෙකු වන ගුලවිටගේ නිශාන්ත