කරුණා දයා පුදුමයි ඔබගේ
මා වන් අධමෙක් ගැලවූ
නැතිවී සිටි මා නැවතත් සෙවුවා
මාගේ පෙම්වත් දෙවිඳු

සරණක් සෙව්වා, බෝ දුක් විඳා
මෙලොවේ තනිවී හැඬුවා
ඔබ මා කැඳවා තුරුලේ සඟවා
ගෙනයයි සතිටින් සැමදා

     මා බැඳුම් වලින් නිදහස් වූවා
     මාගේ දෙවිඳුන්, මා ගැලවූවා
     ගඟුලක් ලෙසින්, මහදේ ගලනා
     නොමියන ප්‍රේමේ, ඔබමයි සමදා

මගේ පා පැකිළී වැටුනූ විටදී
ඔබ මා ඔසවයි සමිඳේ
සැමදා දිවියේ වෙසෙනා මොහොතේ
දෙවිඳුන් ඔබමයි නිතිනේ

     මා බැඳුම් වලින් නිදහස් වූවා
     මාගේ දෙවිඳුන්, මා ගැලවූවා
     ගඟුලක් ලෙසින්, මහදේ ගලනා
     නොමියන ප්‍රේමේ, ඔබමයි සමිඳේ //








පද රචනය හා ගායනය:
දේව දරුවෙකු වන නිමේශ් ප්‍රනාන්දු