ඔබවන් නාමයක් නැතේ
ඔබවන් ස්පර්ශයක් නැතේ
ඔබවන්..., කරුණාගුනයක්
නැහැ අන් අයෙකුගේ

ඔබවන් ප්‍රේමයක් නැතේ
ඔබවන් සාමයක් නැතේ
ඔබෙ ගලනා ප්‍රීතියත්
නැහැ අන් අයෙකුගේ

ඔබෙ ආත්මය මා ස්ථිර කරයි
ඔබෙ ආත්මය මා නිදහස් කරයි
නමදිනකල්හි, නමදිනකල්හි
නමදිනකල්හි... සමිඳේ...

ඔබවන් නාමයක් නැතේ...

ඔබවන් ප්‍රේමයක් නැතේ...

ඔබෙ ආත්මය ස්ථිර කරයි...

ඔබෙ ආත්මය ස්ථිර කරයි...

ශුද්ධ ශුද්ධ ඔබ සමිඳේ
මුළු ලොව පැතිරේ ඔබෙ මහිමේ
ලෝ දනා ඔබෙ නාමයට
පුද දී ප්‍රශංසා ගෞරවයේ
ජීවමාන රජිඳුන් ඔබයි
අප මත තේජසින් වැජඹේ

ප්‍රශංසාවේ හඬ නැංවේ ස්වර්ගයේ
පුදුමයි අපෙ දෙවිඳුන්
මුළු ලොවම ගයන්නේ
හාලේලූයියා ඔබයි රජිඳු
හාලේලූයියා ඔබයි රජිඳු

ප්‍රශංසාවේ හඬ නැංවේ...

හාලේලූයියා ඔබයි රජිඳු...