පහන් නුඹේ ඇවිලේද - රජු එනදා
තෙලින් එලි දිලිසේද - රජු එනදා
ඒ රැයේ, උතුම් රැයේ...
නුඹේ පහන් දිලේද - රජු එනදා

     ලෑස්ති වෙයන්! /// රජු එනදා
     ලෑස්ති වෙයන්! /// රජු එනදා

ප්‍රීතියෙන් ගිය හැකිද - රජු එනදා
ජය හෝසා හඬක් වේද - රජු එනදා
ඒ රැයේ, උතුම් රැයේ...
නුඹේ පහන් දිලේද - රජු එනදා

පමා නොවෙන් ලෑස්ති වෙන්ට - රජු එනදා
නැත්නම් වේවි වෙන් වෙන්නට - රජු එනදා
ඒ රැයේ, උතුම් රැයේ...
නුඹේ පහන් දිලේද - රජු එනදා

දුක් වෙයි එදිනේ නුඹට - රජු එනදා
එදා ගියොත් තෙල් ගෙනෙන්ට - රජු එනදා
ඒ රැයේ, උතුම් රැයේ...
නුඹේ පහන් දිලේද - රජු එනදා

මහිමෙමයි ඒ රැස්වීම - රජු එනදා
හාලේලූයියා ගීය කියව් - රජු එනදා
ඒ රැයේ, උතුම් රැයේ...
නුඹේ පහන් දිලේද - රජු එනදා