පිය සෙනෙහස ගලනා ඔබේ ශුද්ධ අභිමුඛයේ
මා හද දල්...වනා ඔබෙ සෙනෙහස හමුවේ //

දුබල කමේ මා අත්නෑරියේ ඔබයි
මරුකතරේ මා ලඟ සිටියේ ඔබයි
මගක් නැතිකළ මා ගෙනගියේ ඔබයි
තනිවූ සැමවිට මා ලඟ සිටියේ ඔබයි

තැලුනු හදේ මා සුවය වූයේ ඔබයි
බිඳුනු සිතට ලං සරණ වූයේ ඔබයි
මගක් නැතිකළ මා ගෙනගියේ ඔබයි
තනිවූ සැමවිට මා ලඟ සිටියේ ඔබයි

පිය සෙනෙහස ගලනා ඔබේ ශුද්ධ අභිමුඛයේ
මා හද දල්...වනා ඔබෙ සෙනෙහස හමුවේ...