ප්‍රේමයෙන් සාමයෙන්
ප්‍රීතියෙන් පිරී ඒවා
දෙවිඳුගේ ස්වභාවය ජීවිතේ
සෑම කල්හිම හෙලිවේවා
මුදු බවින් යහපතින්
සතුරන් පැරදියේවා //
බේදයෙන් ක්‍රෝධයෙන්
වෛරයෙන් මිදීයේවා
දෙවිඳුගේ ස්වභාවය ජීවිතේ
සෑම කල්හිම හෙලිවේවා
හද බැතින් නිදහසෙන්
විජයෙන් විජය වේවා //
සත්‍යයෙන් යුක්තියෙන්
ඥාණයෙන් සැරසි යේවා
දෙවිඳුගේ ස්වභාවය ජීවිතේ
සෑම කල්හිම හෙලිවේවා
නිරතුරින් පහන මෙන්
එළියෙන් එළිය වේවා //
ප්‍රේමයෙන් සාමයෙන්...
TOP