පුදුමයි මෙම බලය පුදුමයි
     කල්වරියෙන් ගලා එනා
     සැම රෝගීන් සුවකරනා මේ
     යෙහෝවා නුඹ කැඳවනා

බලයෙන්ම පිරිලා මෙදැන්
අප ඉදිරියේ සිටිනේ
යේසුතුම් ප්‍රේමයෙන්
රෝගීහු සුවකරනේ

සුවදෙන බලවත් හස්තේ
එකවාගෙමය බලයේ
සැනින සුවදෙන්නේ
අදහා එනු මෙදිනේ

සුවදෙන ගඟ ගලායයි
උතුරා ඒ නව ජීවනේ
ලැබගන් දිව්‍ය සුවේ
පීනලා මෙම නදියේ

ප්‍රමාදය කිමද? අහෝ
අනුමාන නොවෙන් මෙදිනේ
සුවදේ දිව්‍ය වෙදුන්
ප්‍රේමෙන නුඹ සනසා

යේසුගේම වචනයෙහි
ලියා ඇත සුවේ ගැන මේ
මා කළ දේට වඩා
මහත් දේ නුඹ කරාවී