සගපුර වැඩියා යේසු රජිඳා
එතුමගේ සුරමිරි ජය ලදිනා
කලකට සිරුරින් ලොව වැඩ සිටිමින්
දැන් හාලේලූයියා

සගයේ ජය කිරුළය ඔබටා
මරු පරදා පව් වැනසු නිසා
තෙදයෙන් යකු බිඳ අප හට සග දුන්
ප්‍රීති හාලේලූයියා

යේසු සමි අත් ඔසවා නගිනා
බලනුව සිදුරු වූ දෙ අත් දෙපා
ලබනුව සමි දෙන සගයට ආසිරි
තුති වේ හාලේලූයියා

ඔබ සගපුර වැඩහිඳින කලා
දුබලවූ කිළුටු වූ අපද බලා
නිති ඔබ මුව දැක ඔබහට වඳිනට
වර දෙන් හාලේලූයියා