සමිඳු මගේ සිත
     සමිඳු ඔබේ සිත
     විමසා දැන ගන්නේ
     අපේ කිළුටුකම පිරිසිදු කරනට
     නමදිමු ඔබ සමිඳේ

ලෞකික දේටා සිත යොමු කරලා
වැරදි මගක යනවා
දෙවි සමිඳානෝ මාව සොයාගෙන
මා පසු පස එනවා

යේසුස් සමිඳා කරුණාවන්තයි
පෙම්බර පියෙකු වගේ
සියළු දෙනාගේ දුක්බර උසුලා
තම ජීවය පිදුවයි

ප්‍රීතිය සාමය සියළුම දේදී
අපව මෙසේ සරසයි
අනගි ලෙයින් අපගේ පව් සෝදා
ආසිරි නිති වගුරයි

යේසුස් සමිඳේ ඔබ තුරුලේ මා
නිති ජීවත් වෙනවා
උදේ සවස ඔබේ පාමුළ නමමින්
බලයද ඉල්ලනවා