සමිඳුනි ඔබයි අපේ දිවියේ
     නායකයා නිතිනේ
     අපේ හදවත තුළ රජ ඔබවේ
     ඔබ හට මහිමය වේ

හැම නව දින ඔබ පාමුලේ
එකතුව අප සැම දණ නැවේ
ඔබ රිසි ලෙස අප
හැම දින ගෙවනට
කන් දෙමු ඔබ හට බැති සිතිනේ
වසන්නෙනි ලොව වසන්නෙනි
මෙයයි අපේ ජය ගී
ගයන්නෙනි ගී ගයන්නෙනි
ගයමුව හිමි හට ජය තුති ගී

දුක සැප අප වෙත එන වෙලේ
ඔබ අප ළඟ බව හැම වෙලේ
දැනගන්නට අප හැම දිරි කළ මැන
දරුවන් ලෙස මිහිපිට ඔබගේ
හඬන්නෙනි ලොව හඬන්නෙනි
ඔබේ ලඟයි ඒ හිමි
ගෙවන්නෙනි දිවි ගෙවන්නෙනි
පිළිගමු ඒ හිමි පිය ලෙසිනි

යුද බිම තනිකම ජීවිතේ
මරණය රෝ බිය හිරිහැරේ
කුසගින්නෙදි මේ හැම මැද අප හිමි
පියතුම ලෙස අප පිළිගන්නේ
මිනිස් ලොවේ සැම වෙනස් වුවත්
ඉර සඳ නොපෑවුවත්
පොළොවද පහතට ගිලී ගියත්
පියතුම අප අමතක නොකරන්