සීනු හඬින් ලොව පිබිදෙනවා
නත්තල දොර ළඟ හිනැහෙනවා
ගවහලකට තරුවක් යනවා
අහසට පොළව ගැටේ...//

තරු එළියේ කඳු වැටියේ
බෙත්ලෙහෙමේ මංගල එළියේ
මල් වැසි වසිනු පෙනේ

තටු ගෙන සුදු හිම ඉගිලෙනවා
අතුමත මුතුමෙන් බබළනවා
හිරු කැන් සුදු ඊතල වෙනවා
සැම තැන රිදී වගේ...//

දිය සීරා කඳු පීරා
වන්නම් ගමනින් බැස එනවා
දිය බිඳු ඇඟ සොළවා

දින දින වැහිකළු බරවෙනවා
මහවැලි ගඟ දිය බොර වෙනවා
නත්තල කත් බැඳගෙන එනවා
වැහිබර උඳුවපයේ...//

අරලිය මල් වතුසුදු මල්
පිබිදී මල් අතු බර වෙනවා
මේ නත්තල් මාසේ