සීමාවක් නැති නිමාවක් නැති
ප්‍රේමේ තුළ මා දැරුවේ ඔබයි
ලේ වල මිලෙන් මා මිළදී ගත්
අබ්බා පියාණනි ඔබයි

අබ්බා පියාණනි ඔබයි ////

දිනෙන් දිනේ නැවුම් කරුණාවෙන්
මා ජීවත් කළේ ඔබයි
සදාකාලිකව නොවෙනස් වන්නාවූ
දේව රජිඳා ඔබයි //

අඳුරෙන් එළියට මා ගෙනවිත්
නව දිවියක් දුන්නේ ඔබයි
සතුට සාමයේ සමාදානයේ
කරුණාවේ රජිඳා ඔබයි //