සිටියාවූ සිටින්නාවූ
මතු සිටින්නාවූ සර්ව බලධාරී
පියානන් වහන්සේට ස්තුති වේවා //

ශුද්ධයි දෙවිඳුන් ශුද්ධයි
අති ශුද්ධයි සදාකල්

සිටියාවූ සිටින්නාවූ...

අදෘශ්‍යමානයි අමරණීයයි
සදාකාලිකයි එතුම් බලය

සිටියාවූ සිටින්නාවූ...

ප්‍රශංසනීයයි ගෞරවනීයයි
ප්‍රේමනීයයි අපෙ දෙවිඳුන්

සිටියාවූ සිටින්නාවූ...


(එලිදරව් 4:8)