ස්තුති කරව් යේසුස්ට
සැමදාම ස්තුති කරව් යේසුස්ට //
ස්තුති කරව් දේව දාසුන්
ඔබෙ නාමෙට මහිමය දෙන්ට //

අද ඔබ ළඟට එක්සත්වෙට
දැන් දුන් කරුණාවට //
අපි සැම දෙනම
නමදිමු ඔබ උතුම් පාමුළ //

මෙපමණ උසස් වූ ස්ථානයක්
මට දෙනු ලැබුවේ //
මගෙ කිසි හොඳක් නෑ
ඔබගේම කරුණාව පමණයි //

ස්වර්ග ලෝකේ දෙව් දූතුන්
නිරතුරු සුමිහිරි ගී නදින් //
නොනැවති ප්‍රශංසා
ගෞරවය දෙන්නේ ඔබ ස්වාමින්ටයි //

රජවරුන්ගේ රජුන් ඔබහැර
ගැලවුම්කරුවෙක් නෑ //
බබළන රුවැති
පියාණන් ළඟම ඉන්න යේසුනි //

ඔබ හැර කෙනෙක් නෑ
ජීවනය දෙන්න්ට ස්වර්ග ලෝකයේ //
ඔබ වාගේ කෙනෙක් නෑ
මෙම ලෝකේ සමාගම් පවත්වන්ට //