තුති කරනෙමි දෙවිඳුන්ට මෙමා
     රකිනෙමි එතුමගේ දහම් අමා
     පුදනෙමි ගී තුති හද බැති පා
     හද බැතියෙන් කරුණා ගුණ පා
දමිටු දයාවන් අප සමිඳා
ලොව සැම මුදනට පැමිණ එදා
අමරණීය වූ දෙසුම් දෙසා
දිවිදුනි අපගේ පාප නිසා
දෙවිඳුන්ගේ ගුණ සිහි කරලා
දිවි ගෙවතොත් පව් සැම දුරලා
නොමියෙන දිවියක් ලැබෙයි සදා
අනුව යමුව එක් වී සමිඳා