උස්වූ උසස්වූ සිංහාසනයේ
වැඩ වසනා සමිඳේ //
සඟලොවේ දෙව් මාළිගයේ
ඔබ මහිමෙන් පිරි තිබේ

ශුද්ධයි අති ශුද්ධයි
පරිශුද්ධයි ඔබ සමිඳේ
තේජසින් වැජඹෙන සමිඳේ
ප්‍රේමයේ උල්පත ඔබයි
ගෞරවයෙන් පිරිපුන් සමිඳේ
ජීවනේ උල්පත ඔබයි