වසංගතයක් ඔබෙ කූඩාරමට
     ලං වන්නේ නෑ පුතුනි
     කිසි නපුරක් සිදුවන්නේ නෑ
     සිදුවන්නේ නෑ පුතුනි

     (ගයව් හාලේලුයියා /// ආමෙන් ) //

මහෝත්තම මා සමිඳේ
ඔබ මාගේ රැකවරණේ //
ස්වර්ගයේද පොළවෙහිද
ඔබ මාගේ රැකවරණේ //

     වසංගතයක්...

යේසුස්ගේ අනගි ලෙයින්
සාතන්ව පැරදෙව්වේ //
ආත්මයෙන්ද වචනයෙන්ද
සැමදාම ජයගන්නේ //

     වසංගතයක්...

සමිදුන් තුල විඳි පීඩාවන්
නිශ්ඵල වන්නේ නැත //
නොසැලී මා පීඩා මැද
ඉදිරියටම යන්නේ //