වැටි වැටි මා යනවා, මේ ජීවන ගමනේ
     සරණ සොයා ආවා, නාසරීය යේසු //

මා පවුකරලා - ඔබ අත් හැරලා
ලෝකෙට සිත දුවලා
වියවුල් වුණි මා - ඔබ මා ලඟ නැති දා //
මා හට වෙන්න සමා, මා ආදර යේසු - //

නෑසිය මිතුරන්, මාපිය දෙගුරුන්
අද මට එරෙහි වෙලා
මා පතනා ලොව අද මට අහිමි වෙලා //
මා හට වෙන්න සමා, මා ආදර යේසු - //






ගායනය: දේව දරුවෙකු වන ගුලවිටගේ නිශාන්ත