යේසු හිමි වේ සුරැකි පර්වතේ
යන්නෙම් මෙමා නිර්මල මාර්ගයේ
පැසසුම් හා කීර්තිය හිමි ද්වේශ කලේ
සමිට සේවය කරන්ට මෙමා
බාරවෙම් බැතියෙනේ
දාසයෙක්සේ මා කැපවී ඔබ වෙතා
එන්නෙම් යටත් වූ මිඳුම්කරු සොයා
සන්තොසින් කැමැත්ත හැරලා
වෙම් පූජා
පීඩා දුක් විඳින්ට සූදානම්
හර්දයෙන් ලඟාවෙම් ඔබ හටා
තොසින් විඳින්ටා නින්දා අපහසා
ජීවිතේ යාගයක් මෙන් පුදන්නටා
ආත්ම නිසා දිවි ඇති තෙක්
වෙහෙසෙම් මා
විශ්වාස දාසෙකු මෙන්ම සේවය
කරනෙම් සදහටා
මා දිවි අගේ සේ සිටිමි නොතකා
තුටුවෙම් ඔබේ මග පෙන්වීමටා
කුරුසිය උසුලා කිරුල ලබනෙම්
දිනා ගන්නන්හට උරුමේ
ආලෝකේ සුදනන් සමඟ වේ
සැම සටන් මා නිමවූ විට
පෙම් යේසුගේ මීරි හඬ ඇසෙනා
"යහපත් විශ්වාස දාස
ඇතුල් වෙන්න "
ප්රීතියෙන් සදාකල් මහිමේ සම්පත
සුසුදෝ දිනා ගන්නා