යේසුනි අද අප මැද සිට
     ශුද්ධ ආත්මේ හුස්ම හෙලනු
     ඔබ මෙහි සිටිනා බැව් දැන්
     අපට හඟවන්
     බලයෙන් පළඳන්
     ආසිරි වගුරන්

ශුද්ධකමේ වස්ත්‍ර හඳවන් දැන්
කිළුටු සැම දවා දමමින්
සාමාදානෙන් සිත පුරවන්
ඔබගේ හඬින් මෙන්
දැන් කථා කරමින් අපද සනසන්

ආත්මයෙන් හා සැබෑකමින් අප
ඔබටම වැඳ වැටෙන්ට
පුරවාලා දේව ප්‍රේමයෙන්
ඔබගේ සිත මෙන්
යටහත් කරමින් කරුණා ගුණයෙන්

ඒ පෙන්තකොස්ත දිනයේ ආමෙන්
ගිනි දිව් දක්වන් අප මැදයෙත්
ශුද්ධාත්මේ දැන් වගුරුවලා
පව් සැම දවලා
සුද්දම කරලා ලකුණක් එවලා