යේසුස් ඔබේ ලෙය යකු පරදන්නයි
යේසුස් ඔබේ ලෙය බල බිඳලන්නයි
යේසුස් ලෙයින් - // යකු බල පරදන්නයි //

නසරීය යේසුස්ගෙ නාමයෙන්
යකු නුඹ පරාජිතයි
නුඹෙ බල යේසුස්ගෙ කුරුසෙ
සදහට බිඳ දැමුවයි
නුඹෙ හිස පොඩි කර දැමුවේ
යේසුස්ගේ අනගි ලෙයයි
යේසුස් ලෙයින් // යකු දැන් පරාජිතයි