යේසුස් සමිඳානන්ගේ ගෝලයෝ වෙමු
විශ්වාසයෙන් පෙරට යමු
ඉතින් අප සැවොම සමිඳුගෙ සේවෙදි
එකමුතුවෙන් වැඩ කරමු

     ආ යේසු රජාණෝ
     ඉතා ඉක්මණින් එන්නේ
     අපි කඩිනමින්
     සේවේ යෙදෙමු //

සැම ලෝ සත වෙත ප්‍රේමය බෙදමූ
යේසුස් වෙත කැඳවා ගනිමු
ඇති සමිඳුන් වෙත මග සකසමිනා
වෙර යොදමින සේවේ යෙදෙමු

සාතන්ගේ බාදාවල් පහකරමු
ඉතින් සමිඳු උදෙසා වෙසෙමු
මේ ලොව පතල සමිඳුගෙ නාමය
සැම ගමකම පතුරවමු

ආත්මෙ කය සමිඳුගෙ සේවෙටයි
ඉතින් මම නොවෙයි සැම සමිඳුයි
කියා අදිටන් කළා එය තහවුරු කළා
සමිඳුගේ දිනේ ප්‍රීති වෙමු