යේසුස්ගේ ප්‍රේමේ
     විශාල පුදුමය වේ
     මහ සාගරයත්
     සැම තරු වලටත්
     උසස්ය කඳු සැමටත්

යේසුස්ගේ නම අනගියි
ලෝකා ලෝකය වෙයි
ආලෝකය බබළයි
ජීවිතයට එළියයි
අඳුරක් නැත මග එළියෙම ඇවිදින
වෙමු අපි සැමදෙනා - //

බලය ඉතා පුදුමයි
ලොව පාලනය කරයි
රජුන්ගේ රජු එතුමයි
ජීවිතයට එළියයි
ඉර සඳ තරු සැම
මැවිල්ල නිතරම
සමිඳුට කීකරු වෙයි - //

දෙවිඳුට අයිති සැමා
ඉදිරියෙ පා තබනා
ජීවනයද රැගෙනා
යන්නෙමු ප්‍රීතියෙනා
සැබෑව සාමය
එතුමය සදහට
අදහමු බැති සිතිනා - //