යෙහෝවා යයිරේ මාගේ සමිඳුන්
එතුමන් මට සෑහේ
සියල්ල හිමි සපයයි
තේජසේ මහිමේ ප්‍රකාරෙට
රැක්මට සුර දූතයන් එවයි
යෙහෝවා යයිරේ මට සලසයි - //

යෙහෝවා රාෆා මාගේ සමිඳුන්
එතුමන් මගේ සුවයයි
රෝ බිය හිමි වළකයි
තේජසේ මහිමේ ප්‍රකාරෙට
අප වට ගිනි වැට රථත් එවයි
යෙහෝවා රාෆා මට සුවයයි - //

යෙහෝවා නිස්සි මාගේ සමිඳුන්
එතුමන් මා ධජයයි
රුපුවද හිමි ගෙන දෙයි
තේජසේ මහිමේ ප්‍රකාරෙට
නපුරට ප්‍රථමෙන් මෙමා රකියි
යෙහෝවා නිස්සි මට සවියයි - //

යෙහෝවා ෂාලොම් මාගේ සමිඳුන්
එතුමන් මා සාමේ
දෙවි පිය වෙත ගෙනයයි
තේජසේ මහිමේ ප්‍රකාරෙට
පාපයේ කුලියෙන් මෙමා මුදයි
යෙහෝවා ෂාලොම් මා පලිහයි - //

යෙහෝවා රා-ආ මාගේ සමිඳුන්
එතුමන් මා එඬේරායි
කුසලාන හිමි පුරවයි
තේජසේ මහිමේ ප්‍රකාරෙට
දණ්ඩද සැරයටියද එවයි
යෙහෝවා රා-ආ එකට බෙදයි - //

යෙහෝවා සීකෙම් මාගේ සමිඳුන්
එතුමන් දමිටුකමයි
මා කිළුටෙන් මුදවයි
තේජසේ මහිමේ ප්‍රකාරෙට
යුධ සම ලය වැස්මක් කරයි
යෙහෝවා සීකෙම් මා පළඳයි - //

යෙහෝවා ශ්‍යාමා මාගේ සමිඳුන්
එතුමන් මා ළඟමයි
ගිනිමැද හිමි සුරකියි
තේජසේ මහිමේ ප්‍රකාරෙට
මුහුණේ මහිමෙන් බබලවයි
යෙහෝවා ශ්‍යාමා එමා සමඟයි - //